by Staff writer 21-06-2021 | 7:57 AM
COLOMBO (NEWS1ST) : ගෑස් මිල වැඩිකිරිම පිළිබඳ සොයා බලන අමාත්‍ය අනු කමිටුව අද (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව තිබේ.
එහි සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගෑස් මිල වැඩිකරන ලෙසට ගෑස් සමාගම් කර ඇති ඉල්ලීම පිළිබඳව අද අවසන් තීරණයක් ගැනිමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
ලාෆ් සහ ලිට්ට්‍රෝ සමාගම් මීට පෙර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබුණේ ගෑස් මිල වැඩි කිරිමට අවසර දෙන ලෙසයි.
ඒ පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට මෙම අමාත්‍ය අනුකමිටුව පත් කෙරිණ.