COLOMBO (News 1st) - ඉන්ධන මිලදී ගැනීමට රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට ජාත්‍යන්තර පුද්ගලික ණය දෙන ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීමට රජය සූදානම් වේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, මහජන බැංකුවට හා ලංකා බැංකුවට , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් බිලියන 2.081 ක ණය සඳහා පොලී ගෙවීමට අදාළ ණය මුදල් යොදා ගන්නා බවය.
අමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදල ලබා ගැනීම සඳහා ජපානයේ හා චීනයේ රාජ්‍ය බැංකු සමග බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇතත්, මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් එම සාකච්ඡා බිඳ වැටී ඇති බව ද මෙහි සඳහන් ය.
ණය ලබා දීමට තීරණය කරන ඕනෑම ආයතනයකට ස්වෛරී ඇපකරයක් ලබා දිය යුතු බව ලේකම්වරිය පවසන්නීය.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු පුවත්පතට පවසා ඇත්තේ ස්වෛරී ඇපකර තවදුරටත් වලංගු නොවන බැවින් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා, ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉඩම් උකස් කිරීමට සිදු වනු ඇති බවය.
සමගි ජන බලවේගයේ පා.ම.ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
ගම්මන්පිල මහත්තයා කියනවා මිල වැඩි කළත් බෑන්ක් ඔෆ් සිලෝන් එකේ සහ පීපස්ස් බෑන්ක් එකේ ණය ගෙවා ගන්න බැහැ කියලා.කීයද දන්නවා දැන් අය ඒ දෙකේ විතරක් ඩොලර් බිලියන දෙකක්.දැන් කියනවා ඔල්ගා මහත්මිය ලේකම්තුමිය අද අපිට දැන් අන්සොලිසටඩ් ණයක් ගන්න වෙලා තමයි තියෙන්නෙ කියලා.ඩොලර් බිලියනයක.මමත් මේ රටේ ප්‍රසිද්ධ බැංකුවක භාණ්ඩාගාරය හැටියට වැඩ කළා.ඊමේල් එනවා එක එක රටවල්වලින්.වැඩිපුරම එන්නේ නයිජීරියාවෙන්.කියනවා අපිට ඩොලර් මිලියන 500ක් දෙන්න පුළුවන් හයසියයක් දෙන්න පුළුවන් .මේවා ඔක්කොම ලොන්ඩරින්. කළු සල්ලි සුදු කරන ඒවා.කුඩු සල්ලි මිනී මරපු සල්ලි ,ඒවා සුද්ද කරන්න එක එක තැන්වලට අඩු පොලියට දෙන්න හදනවා.අපේ වගේ ස්වෛරී රාජ්‍යයක් ඒ වගේ කෙනෙක්ගෙ ණයක් ගන්න තැනට තල්ලු වෙලා කියන එක තමයි මේ කියන්නේ.මේක තමයි යථාර්ථය ආණ්ඩුව වහන්න හදන .මේ ඔක්කොම අස්සේ දැන් කියනවා මේ කැබිනට් ඉඳුව තියෙනවා ගිය සතියේ,බොරතෙල් ගන්න කැබිනට් එක අනුමැතිය දීලා නයිජිරියන් කොම්පැනියකට .කවුද මේ? ණය ගන්නෙත් ගන්නෙත් කාරයෙක් ගෙන් ඩොලර් මිලියන දාහක්?අපේ රට මේ වගේ තැනකට තල්ලු කරල විපක්ෂයකට බලාගෙන ඉන්න බැහැ.මේවා මේ වැදගත් මිනිස්සු කරන දේවල් නෙමේ.අන්සොලිසටඩ් ඩොලර් මිලියනයක් ගන්න කවදාවත් එහෙම කරලා නැහැ.කළු සල්ලි සුදු කරන තැනක් විදිහට අපේ නම ජාත්‍යන්තරයට ගිය හොත් කවුද මේ තැනට එන්නේ?එහෙම රටක්ද අපිට ගොඩනඟන්න ඕන.එහෙනම් කියන්න තිබ්බනේ අපි මෙතැන ලොන්ඩ්‍රිය හදන්න යනවා කියලා.
https://youtu.be/aFjJev-TUB4