සියලු තැපැල් සේවා හෙට යළි ඇරඹේ

සියලු තැපැල් සේවා හෙට සිට යළි ඇරඹේ

by Staff writer 20-06-2021 | 5:04 PM

COLOMBO (News 1st) - සියලු තැපැල් සේවා හෙට (21) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග එම තීරණය ගත් බවයි. ඒ අනුව ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම හෙට ඇරඹෙන අතර තැපැල් සේවා කවුළු ද විවෘතව තැබෙනු ඇති. පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ජනතාවට තැපැල් කාර්යාලවලින් සේවා ලබාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.