හෙට (21) රට විවෘත කරන සැලැස්ම

සංචරණ සීමා ලිහිල් කළ ත් හැසිරිය යුත්තේ මෙහෙමයි.... පොලීසියෙන් දැනුම්දීමක්

by Sagarika Chathumali 20-06-2021 | 10:29 AM

COLOMBO (NEWS1ST) : හෙට (21) අලුයම 4.00ට සංචරණ සීමා ලිහිල් කරනු ලබන්නේ, තවදුරටත් සෞඛ උපමානයන්ට, මාර්ගෝපදේශවලට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව , ⭕ රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවා ස්ථාන සඳහා ගෙන්වා ගත යුත්තේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි. ⭕ ඔන්ලයින් ඔස්සේ නිවසේ සිට රාජකාරී සිදු කළ හැකි පිරිස්වලින් නිවෙස්වල සිටම රාජකාරී කරවා ගැනීමට ආයතන ප්‍රධානීන්     කටයුතු  කළ යුතුයි. ⭕ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මගීන් ගෙන යා හැක්කේ, ආසන සංඛ්‍යාවට පමණි. ⭕ සෑම මගියෙකුම නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවර්යයි. ⭕ පළාත් සංචරණ සීමා එලෙසින්ම ක්‍රියාත්මක වන බැවින් පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂි කරුණක් සඳහා පමණි. ⭕ විශේෂ චාරිකා, වන්දනා ගමන් ආදියට කිසිසේත් අවසර නැහැ. ⭕ පොදු ස්ථානවල ගැවසීම, සාද, ප්‍රිය සම්භාෂණ සපුරා තහනම්. ⭕ වෙළඳසැල්, සුපිරි වෙළඳ සැල් සහ පාරිභෝගික ආයතනවලට පාරිභෝගිකයින් එකවර ඇතුළු කර ගත හැක්කේ ස්ථානයේ ඉඩකඩට සාපේක්ෂව සීමා සහිත පිරිසකි. ⭕ සෑම ආයතනයක්, වෙළඳසලක් තුළ ම අත් පිරිසිදු කිරීම, උෂ්ණත්වය මැන බැලීම සහ දුරස්ථභාව ආරක්ෂා කර ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වියයුතුයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හෙට දිනයේ ත් ජනතා හැසිරීම් නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. තව ද හෙට (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක අතර ජුනි 23 වනදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වනදා අලුයම 4.00 දක්වා යළිත් රටපුරා සංචරණ සීමා පැනවෙනු ඇති.