''සංචරණ සීමා ලිහිල් කිරීම සුදුසු නැහැ'' - SLMA

''මෙවන් අවස්ථාවක සංචරණ සීමා ලිහිල් කිරීම සුදුසු නැහැ'' - SLMA

by Staff writer 20-06-2021 | 9:11 PM

COLOMBO (NEWS1ST) : දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කිරීම වෛරසයේ පැතිරීම වැඩිවීමටත් නව ප්‍රභේදයේ ව්‍යාප්තියටත් හේතුවිය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටී.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය ද සමාජයෙන් හඳුනාගෙන ඇති මෙවැනි අවස්ථාවක සංචරණ සීමා ඉවත් කිරීම සුදුසු නොවන බවයි.