තෙල්දෙණියේ පුද්ගල ඝාතනයක්

බහින් බස්වීමක් දුරදිග ගොස් ජීවිතයක් අහිමි වෙයි

by Staff writer 20-06-2021 | 12:47 PM

COLOMBO (NEWS1ST) : තෙල්දෙණිය, අඹකොටේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 45 හැවිරිදි කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිසිය පැවසී ය.