මේ පේන්නේ ආණ්ඩුවේ අමානුෂික ස්වරූපයයි

තෙල් මිල වැඩි කිරීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ අමානුෂික ස්වරූපයයි -විපක්ෂ නායක

by Staff writer 20-06-2021 | 9:25 PM

COLOMBO (News 1st) - පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාවට නංවා තිබූ මිල සූත්‍රය ප්‍රකාරව කටයුතු කළේ නම් ලෝකයේ ඉන්ධන මිල බරපතල ලෙස අඩු වූ 2020 වසරේ පවා එකී වාසිය ජනතාවට අසාමාන්‍ය ලෙස ලබා ගැනීමට හැකියාව තිබූ බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලොව භයානකම ව්‍යසනයට අපේ රට මුහුණ දී සිටින මොහොතේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම නොව ජනතාවට සහනයක් ලබා දීම බව විපක්ෂ නායකවරයා පැවසීය. ඉන්ධන මිල අසාමාන්‍ය අගයකින් ඉහළ දැමීමත් සමග ඉතා ඉක්මණින් රටේ සමස්ත කේෂ්ත්‍රයන්හි මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. මේ බරපතල ව්‍යසනය මැද ජනතාවගේ ගෙල සිර කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ අමානුෂික ස්වරූපය බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.