රජුන් තැනූ වැවක් ප්‍රතිසංකරණය ඇරඹුණු හැටි....

තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය ඇරඹෙයි..

by Staff writer 20-06-2021 | 10:26 PM

COLOMBO (NEWS1ST) : තිස්සසමාහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (20) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

තිස්සමහාරාම වැව රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේදී ඉදිකළ බවට සැලකෙයි. තිස්සමහාරාම ප්‍රදේශයට දැඩි ආකර්ෂණයක් එක්කර ඇති මෙම වැව අතීත ශ්‍රී ලංකාවේ රුහුණු රටේ අභිමානය මැනවින් කියාපාන්නකි.