COLOMBO (NEWS1ST) : කොරෝනා වෛරස ව්‍යාප්තියට අදාළව වැරදි දත්ත සැපයූ පුද්ගලයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඉලක්කම් දත්ත එහා මෙහා කර ආණ්ඩු පෙරළීමට හැකි යැයි සිතා ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදු කරනවා විය හැකි බවයි.
''රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණ කාරයෝ කඩාකප්පල් කාරයෝ ඉන්නවා කියලා ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා''
මේ අතර රෝගය පිළිබඳ දත්ත සමග බැඳුණු කුමන්ත්‍රණ චෝදනා පිළිබඳව වෛද්‍ය සංගම් අදහස් පළ කළේ ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසන්දයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ, සංඛ්‍ය ලේඛන කුමන්ත්‍රණයක් ගැන සඳහන් කළේ, කුමන්ත්‍රණකරුවා බවයි.
''මනුස්සයෙක් ගිහිල්ලා කොවිඩ් කමිටු රැස්වීමේ කියනවා සර් මේක කුමන්ත්‍රණයක් සර් කිව්වා, පහුවෙනිදා කුමන්ත්‍රණේ දියත්. කුමන්ත්‍රණයක් කියලා කිව්වේ කුමන්ත්‍රණකරුවා. මාස දෙකෙන් අනිල් ජාසිංහව ගෙදර ඇරියා. ඊළඟට මාසෙන් මාසෙන් දෙකෙන් දෙකට කව්රුහරි බිල්ලට හොයනවා. මේ අවසාන බිල්ල තමයි වෛද්‍ය සුදත් සමරවීර කියන වසංගත රෝග අධ්‍යක්ෂ. මෙතෙන තියෙන්නේ දත්ත ජාවාරමක් ලෝකයත් සමග. මේ දත්ත හොරකම් කරලා අපේ වෘත්තීය සමිති විකුණනවා. කුමන්ත්‍රණය ගැහුවේ කවුද ඇයි ගැහුවේ අන්තර් ජාතික දත්ත ජාරාවම විකුණන්න පුළුවන්''
වෛද්‍ය රුක්ෂාන් මහතා පැවසුවේ, රටේ මිනිස්සු මිය යන්නේ නම්, ඊට යම්කිසි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් එසේ නොමැතිව කුමන්ත්‍රණකරුවන් යැයි කියමින් ප්‍රශ්න විසඳිය නොහැකි බවයි.
''මේ දත්ත ටික සුදත් සමරවීර ළඟ තියෙද්දී ඉල්ලනවා වෘත්තීය සමිති අපිට ඕක දෙන්ඩ කියලා. දෙන්නේ නෑ. දුන්නේ නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ අද එතුමා විඳින්නේ. මේ රටේ මිනිස්සු මැරෙනවා නම් ඒකට යම්කිසි වැඩ පිළිවෙළක් තියෙන්නේ ඕනේ. නැතුව කුමන්ත්‍රණකාරයෝ කුමන්ත්‍රණකාරයෝ කිය කියා ප්‍රශ්නය විසඳන්න බෑ''
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ, වසංගත රෝග අංශයේ ප්‍රධානියා ඉවත් කිරීම සම්පූර්ණයෙන් වැරදි බවයි.
''අපි දැක්කා ඊයේ පෙරේදා වසංගත රෝග අංශයේ ප්‍රධානියා ඉවත්කරලා තිබ්බා ඒක සම්පුර්ණ වැරදි ක්‍රියාවක් එතකොට සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යවරු කීයක් ඉන්නවාද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුන් වැරදි නැද්ද එතකොට වසංගත රෝග අංශයේ ප්‍රධානියා ඉවත්කරාම මේක හරියනවාද මේක තනිකරම බොරුවක් කෝවිඩ් මර්දන සමස්ත ක්‍රියාවලියම අසමත්''