COLOMBO (NEWS1ST) : ඊයේ (19) දියේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 47 ක් අද (20) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මිය ගිය පිරිසෙන් 27 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 20 දෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර අවුරුදු 30ට අඩු වයසේ පසු වන එක් ආසාදිතයෙකු ද සිටී.
මීට අමතරව අවුරුදු 30 - 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 6 දෙනෙකු ද අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවන ආසාදිතයින් 40 දෙනෙකු ද වන බව අදාළ නිවදෙනයේ වැඩිදුරටත් සඳහන් ය.