''කැස්බෑ මළ සිරුරු අන්තර්ජාලයෙන් අරගෙන දාපුවා'' - ධීවර ඇමති

by Sagarika Chathumali 20-06-2021 | 12:17 PM

COLOMBO (NEWS1ST) : මේ දිනවල කැස්බෑවන්, ඩොල්ෆින් සත්ත්වයින් වැනි සමුද්‍ර ජීවින් මුහුදු උතුරු නැගෙනහිර මුහුදු වෙරළවලට ගොඩ ගැසීම සත්‍යක් නොවන බව ධීවර ආමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ පැවසුවේ, එලෙස ගොඩ ගසා ඇති බවට වන ඡායාරූප එක් එක් පිරිස් අන්තර්ජාලයෙන් උපුටා ගෙන පළ කර ඇති ඒවා බවයි. ධීවර ආමාත්‍යවරයා මෙම ප්‍රකාශ සිදු කළේ, මේ වනවිට 40කට අධික කැස්බෑවන් සංඛ්‍යාවක් මුහුදු වෙරළවලට ගොඩ ගසා තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි. තව ද දකුණු ප්‍රදේශයේ මුහුදු තීරයේ විශාල වශයෙන් එවැන්නක් සිදු නොවන බවත් එසේ නම්, උතුරු මුහුදු වෙරළේ එසේ සිදු වන්නේ කෙසේ දැයි, අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ ය.