කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව...

by Sagarika Chathumali 19-06-2021 | 12:56 PM

COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (18) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,349 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 493 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 274 යි. ⭕ මඩකලපුව දිස්ත්‍රික්කය – 174 යි ⭕ කුරුණෑල දිස්ත්‍රික්කය – 166 යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 235,413 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 35,729 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 197,259 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (17) වනදා සිදුවූ කොරෝනා මරණ 55 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) තහවුරු කළේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මිය ගිය පිරිස අතරින් 32 දදෙනෙකු පිරිමි පුද්ගලයින් වූ අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 13 දෙනෙකු සිටි අතර මිය ගිය අනෙක් ආසාදිතයින් 42 දෙනා අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවන්නන් ය.