සීනෝර් අවන්හලට සිදුවන්නට යන්නේ කුමක්ද?

by Staff writer 19-06-2021 | 9:39 PM

COLOMBO (News 1st) - සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් යට‍තේ ඇති සමාගම් හරහා කොළඹ වටිනා ඉඩම් හා ගොඩනැගිලි ආයෝජකයින් වෙත ලබාදීමේ ක්‍රියාවලිය ගැන මේ දිනවල සංවාදයක් මතුව තිබේ.

නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටා ඇති සීනෝර් අවන්හල ද මේ ආයෝජන ක්‍රියාවලිය හරහා වෙනත් පාර්ශවයන්ට ලබාදීමට යෝජනා වී ඇති ගොඩනැගිල්ලකි. පසුගියදා හදිසියේ පැමිණි කණ්ඩායමක් එම දේපොළ නිරීක්ෂණය හා මැනීම් කටයුතු සිදු කර තිබුණි. සීනෝර් අවන්හලේ ආහාර හා සැපයුම් කළමනාකරු අමිල උදයංග මහතා,
17 වැනිදා 2ට විතර කට්ටියක් ආවා වාහන 4කින් විතර 10 දෙනෙක් විතර හිටියා ඒ ඔක්කොම ඇතුළට ඇවිල්ලා එන්නත් කලින් ෆොටෝ අරගෙන වීඩියෝ කරලා එද්දි අපි කිව්වා ඇතුළට එන්න බැහැ කියලා. මුකුත් අහන්න කලින් ආවා. එක්කෙනෙක් කිව්වා ෆවුන්ඩේෂන් එකෙන් එව්වේ ඉහළින් එව්වේ කියලා. තව දෙන්නෙක් කිව්වා ෆෂරීස් මිනිස්ට්‍රි එකෙන් ආවා කියලා. තව කෙනෙක් මොකක්ද කම්පැනි එකක නමක් කිව්වා. ඒ අය කැමති විදිහට ෆොටෝ වීඩියෝ ගත්තා. පස්සේ අපේ කිචන් එකට ඇතුළු වෙන්න හැදුවා, මම එපා කිව්වහම ගියා. තව කට්ටියක් ඇවිත් මොනවද ලිව්වා. නඩුවක් තියෙනවා කියලත් කිව්වා. ඒගොල්ලෝ කතා කරන විදිහට තේරුණා මොකක්හරි ප්ලෑන් එකක් තියෙනවා කියලා අරහෙන් එන්ට්‍රන්ස් තියෙනවා මෙතනින් තියෙනවා කියලා. අපේ ඇතුලේ මැප් එකක් ඉල්ලුවා ඒවා අපි දුන්නේ නැහැ. තව මැන්නා මේක .
ධීවර අමාත්‍යාංශය යටතේ, මෙම දේපොළ බදු ගිවිසුමක් මත මේ වනවිට පෞද්ගලික ව්‍යාපාරිකයකු විසින් පවත්වාගෙන යනු ලබයි. පසුගියදා ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවකින්  මෙම දේපොළ සෙලෙන්දිව සමාගම යටතේ පිහිටුවන නිශ්චල දේපොළ සංවර්ධන එස්.පී.වී. එක යටතේ ආයෝජකයින්ට ලබාදීමට යෝජනා කෙරිණි. හදිසියේ පැමිණ අනුමැතියකින් තොරව මැනීම් හා ඡායාරූප ගැනීම් සම්බන්ධයෙන් දැනට දේපල භුක්ති විදින පාර්ශවයේ මේ වනවිට පොලීසියට පැමිණිලි කර තිබේ. අප මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් ද කළ විමසීමක් කළෙමු. ඔවුන් පැවසුවේ, මේ දිනවල කොළඹ නගරයේ බොහෝ ස්ථානවල ඉඩම් මැනීමේ කටයුතු සිදුවන බවයි. සීනෝර් අවන්හලට සිදුවන්නට යන්නේ කුමක්ද? සීනෝර් අවන්හල් පමණක් නොව කොළඹ නගරයේ ඉතා වටිනා ඉඩම් හා ගොඩනැගිලි රැසක් ආයෝජකයින්ට ලබාදීමේ සැලැස්ම අප මීට පෙර අනාවරණ කළෙමු. ඒ අතර, ?කොළඹ ග්රෑන්ඩ් ?ඔරියන්ටල් හෝටලය ?යෝර්ක් ගොඩනැගිල්ල ?ගෆූර් ගොඩනැගිල්ල ?විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල ?මහ තැපැල් කාර්යාලය ?වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය ?යාපනය, කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ?කොළඹ හිල්ටන් හෝටලය ග්‍රෑන්ට් හයට් මිශ්‍ර ව්‍යපෘතිය ද වේ.