නව ගුවන් යානා අංගනයක්..

සිනමන් ගුවන් සේවයෙන් නව ගුවන් යානා අංගනයක්..

by Staff writer 19-06-2021 | 9:53 PM

COLOMBO (News 1st) - සිනමන් ගුවන් සේවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීමට මුලපුරා තිබේ.

සිනමන් ගුවන් සේවය අපේක්ෂා කරන්නේ, ඉදිකිරීමට යෝජිත නව ගුවන් යානා අංගනයෙන් තම ගුවන් යානා නඩත්තු කටයුතු සහ මෙහෙයුම් කාර්යක්ෂමව සිදු කිරීමයි. සිනමන් ගුවන් සේවය ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකරන ප්‍රමුඛපෙළේ ගුවන් සේවයකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ගුවන් යානා අංගනයක සහ පර්යන්තයක් හිමි එකම දේශීය ගුවන් සේවය වන්නේ ද සිනමන් ගුවන් සේවයයි. සිනමන් ගුවන් සේවය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, එම්.බී.බී.එල්. ලෙෂර් හෝල්ඩින්ස් ආයතනය සහ ෆීනික්ස් වෙන්චර්ස් යන ව්‍යාපාරවලට අනුබද්ධ හවුල් ව්‍යාපාරයකි.