වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයාට මාරුවක්..

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්..

by Hashini De Mel 19-06-2021 | 8:07 AM

COLOMBO (News 1st) - වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බවය. එම ස්ථාන මාරුව ඊයේ(18) දින සිදුකර තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.