රන්ජන් රාමනායක කරාපිටිය රෝහලට

රන්ජන් රාමනායක කරාපිටිය රෝහලට

by Staff writer 19-06-2021 | 2:03 PM

COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීම සඳහා අද(19) උදෑසන කරාපිටිය රෝහල වෙත ගෙන එනු ලැබුවේ ය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඔහු රැගෙන ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ද පොලිස් ආරක්ෂාව තරකර තිබුණි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිව් අවුරුදු සිර දඬුවමකට යටත්ව මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබේ. https://youtu.be/GH036Iw6rt0