පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල ඉවතට

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල ඉවතට

by Staff writer 19-06-2021 | 1:47 PM

COLOMBO (News 1st) - පොල් ගෙඩියක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(18) නිකුත් කර ඇත. ඉකුත් වසරේ සැප්තැම්බර් මස 25 වැනි දා පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවිය. මේ අතර පොල් ගස් කැපීම පාලනය සඳහා පැන වූ නියමයන් ද සංශෝධනය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.