පාර්ටි, ප්‍රියසම්භාෂණ තවදුරටත් තහනම්..

නිරෝධායන නීති කැඩූ 1,281ක් ගෙවුණු දිනයේදී අත්අඩංගුවට..

by Hashini De Mel 19-06-2021 | 8:19 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 1,281 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මහනුවරින් 112 ක්, මාතලෙන් 136 ක් කුලියාපිටියෙන් 110 ක් ද එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පසුගිය ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 39,591 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, සාද, පාර්ටි, ප්‍රියසම්භාෂණ තවදුරටත් පැවැත්වීමෙන් වළකින ලෙසය.