තවත් කොරෝනා මරණ 54 ක්...

කොරෝනා මරණ 54 ක්...මියගිය පිරිස අතර අවුරුදු 30ට අඩු ආසාදිතයින් දෙදෙනෙක්

by Sagarika Chathumali 19-06-2021 | 7:58 PM

COLOMBO (NEWS1ST) : ඊයේ (18) දිනයේ මෙරට සිදු වූ කොරෝනා මරණ 54 ක් අද (19) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

එලෙස මිය ගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිස එනම් ආසාදිතයින් 31 දෙනෙකු ම පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය. වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද ඊයේ මිය ගිය පිරිස අතර වේ. මීට අමතරව අවුරුදු 30 - 59 ත් අතර වයස්වල පසුවූ ආසාදිතයින් 9 දෙනෙකු සහ අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූ ආසාදිතයින් 43 දෙනෙකු මිය ගිය පිරිස අතර සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.