by Staff writer 19-06-2021 | 10:10 PM
COLOMBO (NEWS1ST) : පසුගිය පැය 24 තුළ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශයට අදාළව වෙනස්කම් තුනක් සිදුව තිබේ.
එහි ආසන්නතම සිදුවීම ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා දීමයි..
මෙතෙක් ලංකා පොස්පේට් සමාගම පැවතියේ විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් එම සංශෝධනය සිදු කර තිබේ.
මේ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි, ඊයේ වාර්තා කළේ ය.
වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කළ බවට වාර්තාවූයේ ද ඊයේයි.
විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශයට අයත් ලංකා පොස්පේට් සමාගම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා දීම සිදුවන්නේ ඉන් අනතුරුවයි..
මේ අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවශ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මීට ප්‍රතිචාර දක්වා තිබේ.
- උපුටා ගැනීම -
2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත් ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකියාව ලැබිණි. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබිණි. කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්ත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු..!
- උපුටා ගැනීම අවසන්-
මේ අතර අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකා පොස්පේට් ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පත්කිරීම පිළීබඳව අදහස් පළ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, විමල් වීරවංශ අමාත්‍යවරයා එහි විශාල කාර්ය භාරයක් ඉටු කර ඇති බවත් ඒ සියල්ල ගොනු කරගනිමින් ඉතා කඩිනමින් පොස්පේට් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.