ඇන්ටෝනියෝ යළි ත් එක්සත් ජාතීන්ගේ මහලේකම්

ඇන්ටෝනියෝ දෙවන වරටත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස පත් කරයි

by Sagarika Chathumali 19-06-2021 | 12:03 PM

COLOMBO (NEWS1ST) : ඇන්ටෝනියෝ ගුටරෙස් දෙවන ධුර කාලය සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට යළි පත් කර තිබේ.

මහා මණ්ඩලයේ සාමාජික රටවල් 193 විසින් ඒකමතිකව තෝරා පත් කර ගැනීම සිදු කර ඇති අතර ඒ අනුව 72 හැවිරිදි ගුටරෙස් තවත් වසර 5ක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇති. දෙවන ධුර කාලය සඳහා පත් වීමෙන් අනතුරුව මහ ලේකම්වරයා සහතික වී ඇත්තේ,  ලොව විශාල, කුඩා සියලු ජාතීන් අතර සබඳතා ගොඩ නංවමින් විශ්වාසය ඇති කරවීමට කළ හැකි සියලු දේ තමන් සිදු කරන බවයි. මේ අතර සාමාජිකයින් 15 කින් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය දා මහලේකම්වරයා යළි පත් කිරීම සඳහා වන සිය නිර්දේශය ලබා දුන්නේ ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටරෙස් දෙවන ධුර කාලය නිල වශයෙන් ආරම්භ වන්නේ, එළඹෙන වසරේ ජනවාරි පළමු වැනිදා සිටයි.