by Staff writer 19-06-2021 | 8:06 PM
COLOMBO (News 1st) - ඩෙංගු රෝගීන් 445 දෙනෙකු මේ මාසයේ, මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 8,345 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පසුගිය අප්‍රේල් මාසයේදීය.
එම සංඛ්‍යාව 1,483 කි.
පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ජනතාවට දැනුම් දෙයි.