යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මි. 80 නොදුන්නොත් ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දඩ…

යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මි. 80 නොදුන්නොත් ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දඩ…

යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මි. 80 නොදුන්නොත් ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දඩ…

කර්තෘ Staff writer

19 Jun, 2021 | 8:53 am

COLOMBO (NEWS1ST) : ලබන සැප්තැම්බර් මස 27 වැනිදා වන විට යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 80.2 ක් ලබා දෙන්නැයි බෙල්ජියම් අධිකරණයක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදන සමාගමට නියෝග කර තිබේ.

ඒ, ජුනි මස අවසානය වන විට එන්නත් මිලියන 120 ක් ලබාදෙන බවට වූ ගිවිසුම කඩ කිරීමට එරෙහිව, යුරෝපා සංගමය පනවා ඇති නඩු විභාගයකදී ය.

සැප්තැම්බර් 27 වැනිදා වන විට අදාළ එන්නත් තොග ලබාදීමට නොහැකි වන්නේ නම්, ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දඩ නියමකිරීමට ද අධිකරණය නියෝග කළේ ය.

ඒ අනූව එන්නතක් සඳහා ගෙවිය යුතු දඩ මුදල, අමෙරිකානු ඩොලර් 12 කි.

අධිකරණ නියෝගය පිළිගනිමින් ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදන සමාගම සඳහන් කළේ, මේ වන විට යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 70 කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවයි.

මෙම මාසය අවසන් වන විට මිලියන 80 ඉක්මවූ මාත්‍රා සංඛ්‍යාවක් යුරෝපා සංගමයට ලබාදිය හැකි බව සමාගම වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් එහිදී ප්‍රකාශ කර තිබිණ.

ලොව රටවල් රැසක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිඟය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක්ව සිටී.

ඒ, පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොග නොලැබීම හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]