කොවිඩ් ආසාදිත සිංහයාට ප්‍රතිකාර කරන්න ඉන්දියාවේ සහය ඉල්ලයි..

by Staff writer 19-06-2021 | 9:44 PM

COLOMBO (News 1st) - දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත තොර් සිංහයාට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ මධ්‍යම සත්ත්වෝද්‍යාන අධිකාරියෙන් සහය ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සිංහයාට බාහිරින් ඔක්සිජන් සැපයුම් ලබා දීමට කටයුතු කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය. මේ අතර 'තොර්' සිංහයාට කොරෝනා ආසාදනය වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය,
මේ සතා ආශ්‍රිතව හිටපු අනික් සතුන් සිංහ පවුලක් විදිහට තමයි ඉදලා තියෙන්නේ ඒ සතුන්ගේ සාම්පල අරගෙන ඒ සතුන්ගේ තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ කරලා බලන්න සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියනවා ඇත්තටම අපිට හිතන්න වෙන්නේ සිංහයා ආශ්‍රිතව සේවකයෙක් වෙන්න පුළුවන් නිලධාරියෙකු වෙන්න පුළුවන් ආසදනය විච්ච පුද්ගලයෙක්ගෙන් මේ සතාට වැළඳිලා තියනවා කියන එක තමයි අපට මේ වෙනකොට හිතන්න වෙන්නේ