V-Force නායකත්ව සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වූ පිරිසට ඔන්ලයින් ඔස්සේ සහතික පත් ප්‍රදානය කෙරේ

V-Force නායකත්ව සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වූ පිරිසට ඔන්ලයින් ඔස්සේ සහතික පත් ප්‍රදානය කෙරේ

V-Force නායකත්ව සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වූ පිරිසට ඔන්ලයින් ඔස්සේ සහතික පත් ප්‍රදානය කෙරේ

කර්තෘ Staff writer

18 Jun, 2021 | 2:13 pm

COLOMBO (NEWS1ST) නායකයන් බිහි කිරීමේ අරමුණින් ගම්මැද්ද ජාත්‍යන්තර නායකත්ව කවුන්සලය සංවිධාන කළ V- Force නායකත්ව සම්මන්ත්‍රණ මාලාවට සහභාගිවූවන්ට සහතික පත්‍ර ප්‍රදානය අද (18) පෙරවරුවේ සිදු කෙරිණ.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ සහ වෘත්තීමය පසුබිමක් සහිත ප්‍රබල පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් මෙම නායකත්ව සම්මන්ත්‍රණ මාලාව zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබිණ.

මෙහි අරමුණ වූයේ නායකත්ව අත්දැකීම් බෙදා ගනිමින් නව ලෝකයට උචිත චින්තනයක් සහිත නායකයන් බිහි කිරීමයි.

එබඳු සම්බන්ධ සම්මන්ත්‍රණවලට සහභාගවූවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතායි .

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විලියම් බිල් සිල්කොක් මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.

ගෝලීයකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය රොබට් එල්රිජ් මහතා ජපානයේ ඔසාකා නුවර සිට උත්සවය ඇමතී ය.

කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සහතික පත් ප්‍රදානය අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණ.

මේ අතර ලබන සඳුදා (21) සිට ගම්මැද්ද තවත් සාධනීය පියවරකට මුල පිරීමට නියමිතයි.

ඒ Online  සංකල්පය වෙනුවට on-air සංකල්පය රටට හුරු කරමින් අ .පො. ස. සාමාන්‍ය පෙළ ඉලක්ක කොටගත් විෂයමාලා සම්මන්ත්‍රණ මාලාවක් දීපව්‍යාප්ත විකාශය සහිත TV1නාලිකාව ඔස්සේ ගෙන ඒමටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]