.webp)
දැන් සති 3 ක් ගතවෙලා තියෙනවා ඒත් වරාය නගරය පිළිබඳව තිබෙන නීතිමය තත්ත්යව පිළිබඳව තාම කිසිම පැහැදිලි කිරීමක් නෑ. පසුගිය ජනවාරිවල ඊ.ඒ.එම්.ජයශංකර් විසින් සාකච්ඡා කරනු ලැබූ ඉන්දීය යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව මේ වනවිට තිබෙන තත්ත්වය කුමක්ද? මේ වනවිට එය පිළිබඳව පැහැදිලි කිරීමක් දක්වලා තිබෙන්න ඕනේ?ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ආරින්දම් බග්ජී මහතා,
මට හිතෙන විදියට ඔබ තාමත් වෙනස් ගැටලු 02ක් පටලගෙන ඉන්නේ. මම දන්නේ නෑ මේ පිළිබඳව මම පැහැදිලි කරන්න ඕනෙද කියලා. අපේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නවතම තත්ත්වය පිළිබඳව අපි මේ වෙනකොට ගොඩක් සමීපව අධ්‍යනය කරමින් පවතිනවා. අපිට මේ වනවිට වරාය නගරයේ නීතිමය රාමුව පිළිබඳවත් තවත් ගැටලු මතුවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව අපේ සාගර කලාපයේ ආරක්ෂාව ගැන ද්වීපාර්ශ්වික සහයෝගීතාව සහිතව අවබෝධයෙන් කටයුතු කරයි කියලා. ශ්‍රී ලංකාවේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉන්දියාවේ දීර්ඝ ඉතිහාසයක් පවතිනවා. අපි නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මෙවැනි ව්‍යෘපෘති ක්‍රියාත්මක කිරීමට සබඳතා පවත්වනවා