ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු –  නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ..

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු – නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ..

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු – නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ..

කර්තෘ Staff writer

18 Jun, 2021 | 11:07 am

COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පළමු වරට සංවිධානය කරන ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද(18) ආරම්භ වේ.

තරගය පැවැත්වෙන්නේ, එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීය.

මෙම අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.

තරග 21කට සහභාගී වූ නවසීලන්තය ප්‍රසාද ලකුණු 123ක් ලබා එහි පෙරමුණේ රැඳී සිටින අතර දෙවැනි ස්ථානයට පත් වූයේ තරග 24කදී ප්‍රසාද ලකුණු 121ක් ලැබූ ඉන්දියාවයි.

ඒ අනුව එම කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]