වරාය සභාපති වෙනස් වෙයි

වරාය සභාපති වෙනස් වෙයි, ජෙනරල් රත්නායකට ලේකම් ධුරයක්..

by Staff writer 18-06-2021 | 9:47 PM

COLOMBO (News 1st) - වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබේ.

අප කළ විමසීමකදී රත්නායක මහතා පැවසුවේ, අදාළ පත් කිරීම සම්බන්ධයෙන් අද(18) පෙරවරුවේ තමන් දැනුවත් කළ බවයි. ඔහු වරාය අධිකාරියේ සභාපති ධූරය සඳහා පත් කෙරුණේ 2019 වසරේ දෙසැම්බර් 12 වැනි දායි. මේ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.