ලොව පුරා කොවිඩ් මරණ මිලියන 4 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් මරණ ගණන මිලියන 4 ඉක්මවයි

by Staff writer 18-06-2021 | 3:11 PM

News 1st - ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ඒ, බොහෝ රටවල් ජනගනයට සාපේක්ෂව එන්නත්කරණය සම්බන්ධයෙන් අර්බුදයකට ලක්ව ඇති පසුබිමකදීය. රොයිටර් වාර්තාවට අනුව පළමු මරණ මිලියන 2 වසරක් තුළ වාර්තා වී ඇති අතර අනෙකුත් මරණ මිලියන 2 දින 166 ක් තුළ වාර්තා වීම විශේෂත්වයකි. මේ වනවිට මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් වන්නේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව හා මෙක්සිකෝවයි. ලොව පුරා කොවිඩ් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද 17 කෝටි 82 ලක්ෂ 6,491 ක් දක්වා ඉහළ ගොස් ඇත.