තවත් කොරෝනා මරණ 55 ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 55 ක්

by Sagarika Chathumali 18-06-2021 | 9:42 PM

COLOMBO (NEWS1ST) : ඊයේ (17) දිනයේ සිදුවූ කොරෝනා මරණ 55 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) දිනයේ තහවුරු කරනු ලැබ තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මිය ගිය පිරිස අතරින් 32 දදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර අවුරුදු 30 - 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 13 දෙනෙකු සිටින අතර මිය ගිය අනෙක් ආසාදිතයින් 42 දෙනා අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවන්නන් ය.