ලියාපදිංචි නොකළ ආහාර ගබඩා සොයා මෙහෙයුම්

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා සොයා සඳුදා සිට මෙහෙයුම්

by Staff writer 18-06-2021 | 7:40 PM

COLOMBO (News 1st) - පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා ලබන සඳුදා(21) සිට විමර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, ගබඩා කරන්නන්, බෙදාහරිනන්නට පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.