පළමු කොවිඩ් රැල්ල:රටවල් 8ක් ගැන විශේෂ වාර්තාවක්

පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දුන් ආසියානු පැසිෆික් රටවල් 8ක වත්මන් තත්ත්වය ගැන විශේෂ වාර්තාවක්

by Staff writer 18-06-2021 | 10:51 AM

COLOMBO (News 1st) - පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දුන් ආසියානු පැසිෆික් රටවල් 8ක වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.

බී.බී.සී. පුවත් සේවය එම වාර්තාව නිකුත් කළේ, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, ජපානය, හොංකොං, දකුණු කොරියාව හා තායිවානය උපුටා දක්වමිනි. එහි දැක්වුණේ, අදාළ රටවල් අනුගමනය කළ දැඩි සංචරණ සීමා හෙවත් Lockdown තත්ත්වයන් හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම වැනි පියවර හමුවේ පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත් වූ බවය. ඒ හේතුවෙන් එම සියලු රටවල් 2020 වසරේ කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල් ලැයිස්තුවේ මුල් ස්ථානවලට පත්වීමට සමත් විය. කෙසේවෙතත් මේ වනවිට අදාළ රටවල් වත්මන් කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට අසමත් වී ඇති බව බී.බී.සී.ය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, නව කොවිඩ් ප්‍රභේදයන් ව්‍යාප්ත වීම, එන්නත් හිඟය හා වසංගතයට මුහුණ දීමට නිසි සැලසුමක් එම රටවල් සතුව නොමැති වීමයි.