ගෙවුණු දිනයේදී 1,390ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු දිනයේ කුලියාපිටියෙන් අත්අඩංගුවට..

by Hashini De Mel 18-06-2021 | 8:07 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 1,390 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙනි. එම පිරිස 172 ක් වේ. මහනුවරින් 121 ක්, මාතලෙන් 133 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 38,311 කි. මේ අතර අද දිනයේත් කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ඩ්‍රෝන මෙහෙයුමේ ක්‍රියාත්මක වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතාවට නිවෙස්වලට වී සිටිමින් නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසය.