දෙහිවල සත්තු වත්තේ සිංහයාට කොවිඩ්..

දෙහිවල සත්තු වත්තේ සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි - සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

by Staff writer 18-06-2021 | 8:02 PM

COLOMBO (News 1st) - දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පී.සී.ආර්. පරීක්ෂණ කිහිපයකින් සනාථ වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අද(18) පස්වරුවේ නිවේදනය කර තිබේ.

මෙලෙස වෛරස ආසදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ, 2013 වසරේ දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් රැගෙන ආ තෝර් නැමති සිංහයාටයි. පශු ජෛව රසායන අංශය - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් සතරසිංහ මහතා,
අපි ටෙස්ට් කරනවා කිව්.ආර්.ටී පී.සී.ආර් කියන තාක්ෂණය පාවිච්චි කරලා මේ සාර්ස් ලයික් වර්ස් වයිරසස්. ඒ කියන්නේ සතුන්ගේ පවතින්න පුළුවන් මේ සූනොටික් ඉෆෙක්ට් එක තියෙන සාර්ස් ලයික් වයිරසස් කියන ගෘප් එකට, සබ් ජීනස් ගෘප් එකට. ඒ අනුව අපිට එළිවෙනවා එම සාම්පලයේ ඊට අදාළ වයිසරයට අදාළ ආර්.එන්.ඒ තිබෙන බව. ඉන් පසුව අපි කොවිඩ් මිනිසුන් සඳහා කරන පරීක්ෂණයටත් යොමු කරනවා එම සාම්පලය. එහිදීත් එය ඔප්පු වෙනවා එම ආර්.එන්.ඒ පවතින බව ඒ සාම්පල්ස්වල. ඒ අනුව ඒ අදාල බලධාරීන් දැනුවත් කරනවා ජුනි මස පාලොස්වෙනි දින.
කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හොංකොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරීස් මහතා සමග එක්ව සිදු කරන බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු ජෛව රසායන අංශය ප්‍රකාශ කළේ ය. වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, සිංහ දේනුව ද තරමක අසනීප තත්ත්වයෙන් පසුවන බවයි. එම සිංහ යුවළගේ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බව ද විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ඉන්දියාවේ කොවිඩ් වෛරසය අසාදිතව සිංහයින් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තාවෙන අතර ආසන්නතම සිදුවීම වාර්තාවුයේ පසුගිය 16 වෙනිදා ය. එලෙස මියගියේ චෙන්නායිහී සත්වෝද්‍යානයක සිටි 12 වියැති සිංහයෙකි. මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පසුගියදින මියගොස් ඇති සීබ්‍රා හා හිපපොටේමස් සත්ත්වයින්ගේ මරණයට හේතුව කොරෝනා වෛරසය නොවන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.