සංචරණ සීමා ඉවත් කිරීමට අදාළ නවත ම නිවේදනය

''ජුනි 21 සංචරණ සීමා ඉවතට: ජුනි 23 රාත්‍රී සිට 25 අලුයම දක්වා රට පුරා යළි සංචරණ සීමා''- යුද හමුදාපති

by Sagarika Chathumali 18-06-2021 | 1:45 PM

COLOMBO (NEWS1ST) :  ජුනි 21 අලුයම 4.00 ට සංචරණ සීමා ඉවත් කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි. මේ අතර ජුනි 23 වනදා රාත්‍රී 10 .00 සිට 25 වැනිදා අලුයම 4.00 දක්වා රටපුරා යළි සංචරණ සීමා පවනවන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණ ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. තව ද ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව ත් රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවට ත් එහිදී ප්‍රකාශ වී තිබේ.