ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල වැඩි කරන ලෙස යෝජනාවක්

කිරිපිටි, සිමෙන්ති, ගෑස් මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ - රාජ්‍ය අමාත්‍ය අලගියවන්න

by Staff writer 18-06-2021 | 10:20 PM

COLOMBO (NEWS1ST) : ගෑස්, කිරිපිටි, සිමෙන්ති, කුකුළු මස් මිල ගණන් ද වැඩි කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, කිරිපිටි, පිටි, සිමෙන්ති, ගෑස් සහ කුකුල් මස්වල මිල ගණන් වැඩි කිරීමට රජය කිසිදු ආකාරයකින් හෝ තීරණයක් ගෙන නොමැති බවයි.
''රජය ඒ වගේම ගෑස් සඳහා අය කරන බද්ද අඩු කරල තියනවා. ඒ අනුව රජය තවදුරටත් මේ දිනවල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරලා ගෑස් මිල වැඩි කිරීමකින් තොරව පුළුවන්කමක් තිබෙනවා ද කියන එක පිළිබඳ අධ්‍යයනයක් කරලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන්න අනු කමිටුවක් පත් කළා..''
ප්‍රශ්නය : - ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් ඉහළ දාන්න කියලා පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කරලා තියෙනවද ?
''රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න: - පාරිභෝගික අධිකාරිය විශේෂයෙන්ම 325 ක මුදලක් තමයි යෝජනා කරල තියෙන්නෙ. පාරිභෝගික අධිකාරියේ නිර්දේශ කරපු එකම නිර්දේශය මේක පමණක් නෙවෙයි. නිර්දේෂ ගණනාවක් යෝජනා කරලා තිබෙනවා. උදාහරණයක් විදියට දැනට අඩු කරන බදු අඩු කරනවා නම් කොච්චරක් ද සහනාධාරයක් දෙනවනං කොච්චර කින් ද වැඩි කරන්නේ, ඒ නිසා අපිට හරියටම අවසාන තීරණය එනතෙක් අපිට කියන්න පුළුවන් කමක් නෑ කොහොමද කොපමණ ගාණකින් ද යෝජනා කරන්නේ කියන එක''