මෙවර O/L ලියන සිසුන්ට ගම්මැද්දෙන් නිවේදනයක්...

ඔන්ලයින් පහසුකම් නැති සිසුන්ට ගම්මැද්දෙන් TV1 නාලිකාව ඔස්සේ O/Lසම්මන්ත්‍රණ

by Sagarika Chathumali 18-06-2021 | 11:05 AM

COLOMBO (NEWS1ST) :  ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පහසුකම් නොමැති ග්‍රාමීය සිසු දරු දැරියන් වෙනුවෙන් O/L සම්මන්ත්‍රණ ආරම්භ කරන බව 'ගම්මැද්ද' නිවේදනය කර සිටී.

ලබන සඳුදා (21) සිට  TV1 නාලිකාව (Free-to-Air) ඔස්සේ එම සම්මන්ත්‍රණ මාලාව විකාශය කෙරෙනු ඇති. ඒ අනුව Online සංකල්පය වෙනුවට on-air සංකල්පය රටට හුරු කරමින් දීපව්‍යාප්ත විකාශය සහිත TV1 නාලිකාව ඔස්සේ අ .පො. ස. සාමාන්‍ය පෙළ ඉලක්ක කර ගත් විෂයමාලා සම්මන්ත්‍රණ මාලාව සිසු දරු දැරියන් වෙනුවෙන් ගෙන එනු ඇති.