by Staff writer 18-06-2021 | 7:37 PM
COLOMBO (NEWS1ST) : කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000 මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අමතරව මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක පුර්ණ දායකත්වය ලබාදීමටද එකඟ වී ඇති බවයි.
මෙම කරුණු අනාවරණ වුයේ කාබනික පොහොර සැපයුම පිළිබද විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි ය.
ඊට රාජ්‍ය අමාත්‍ය මොහොන්ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශය රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් මෙන්ම යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීහු ද සහභාගී වූහ.
එහිදී හෙළි වුයේ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු බොහෝ ආයතන ආරම්භ කර ඇති බවයි.
හෙක්ටයාර්යක් සඳහා කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 500ක්, ශාක පෝෂක, ඇමෝනියා ඇසිඩ් කිලෝග්‍රැම් 5 ක්, පොටෑසියම් කිලෝග්‍රැම් 35 ක් හා ජෛව පොහොර ලිටර් 10 ක් නිර්දේශ කර තිබේ.
වගා කෙරෙන හෙක්ටරයාර් ලක්ෂ 16 වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදනය, සියලු ආයතන සම්බන්ධීකරණයෙන් සිදු කිරිම රජයේ අරමුණයි.
කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම්, තාක්ෂණය සහ යන්ත්‍රසුත්‍ර ආදී උපකරණ අවශ්‍ය පරිදි ලබාදීමටද පියවර ගෙන ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ විය.
සියලු පුද්ගලයින් හා ආයතන මගින් නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිලට ගැනීමට ද මේ වනවිට වැඩපිළිවෙළ සකස් කර අවසන් ය.