වරාය සභාපති වෙනස් වෙයි, ජෙනරල් රත්නායකට ලේකම් ධුරයක්..

වරාය සභාපති වෙනස් වෙයි, ජෙනරල් රත්නායකට ලේකම් ධුරයක්..

වරාය සභාපති වෙනස් වෙයි, ජෙනරල් රත්නායකට ලේකම් ධුරයක්..

කර්තෘ Staff writer

18 Jun, 2021 | 9:47 pm

COLOMBO (News 1st) – වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබේ.

අප කළ විමසීමකදී රත්නායක මහතා පැවසුවේ, අදාළ පත් කිරීම සම්බන්ධයෙන් අද(18) පෙරවරුවේ තමන් දැනුවත් කළ බවයි.

ඔහු වරාය අධිකාරියේ සභාපති ධූරය සඳහා පත් කෙරුණේ 2019 වසරේ දෙසැම්බර් 12 වැනි දායි.

මේ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]