.webp)

ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,064 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,256 කි.
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 195,434 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය (16) වනදා සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ 51 පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කර තිබිණ.
මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු සිටින අතර ඉතිරි 20 දෙනා කාන්තාවන් ය.

