කොවිඩ් නොවන මරණ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට අවසර…

කොවිඩ් නොවන මරණ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට අවසර…

කොවිඩ් නොවන මරණ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට අවසර…

කර්තෘ Sagarika Chathumali

18 Jun, 2021 | 3:05 pm

COLOMBO (NEWS1ST) : කොවිඩ් නොවන හේතු මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාපතිවරයා මෙම උපදෙස් දුන් බවයි.

කොවිඩ් නොවන මරණ PCR පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී ඇතැයි, එහිදී ප්‍රකාශ වි තිබේ.

ඒ අනුව මියගිය අයගේ පවුල්වල පිරිස් මුහුණ දෙන ආර්ථික සහ අනෙකුත් දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]