හබරාදූව MOH කාර්යාලයේ එන්නත් සොරකමක්

හබරාදූව MOH කාර්යාලයේ කොවිඩ් එන්නත් සොරකමක්

by Sagarika Chathumali 17-06-2021 | 8:33 AM

COLOMBO (NEWS1ST) :  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ හබරාදූව පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇති බවයි. එකී පැමිණිල්ලට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකු සහ රියැදුරෙකු ඊට වගකිව යුතු බවට පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි, ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.