විශ්‍රාමික ජෙනරාල් රණතුංග⁣ අවසන් ගමන් යයි

යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයෙකු වූ සිරිල් රණතුංගගේ අවසන් කටයුතු සිදු කෙරේ..

by Staff writer 17-06-2021 | 9:18 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයෙකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ සිරිල් රණතුංග මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද(17) සිදු කෙරිණි.

අභාවප්‍රාප්ත ජෙනරල් එස්. සිරිල් රණතුංග මහතාගේ දේහයට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවසන් ගෞරව දැක්විය. මිය යනවිට ඔහු 91 වන වියේ පසුවිය. 1950දී හමුදා සේවයට එක් වූ සිරිල් රණතුංග මහතා 1988දී විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දරමින් ජෙනරාල් ධුරය දක්වා උසස්වීම් ලැබුවේ ය. ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ යුද හමුදාපති තනතුර නොලබා ජෙනරාල් ධුරයට පත් වූ එකම නිත්‍ය නිලධාරියා වන්නේ සිරිල් රණතුංග මහතායි. කලක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඔහු 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස රාජතාන්ත්‍රික දූත මෙහෙවරේ නියැළුණි.