දැරියක් ලිංගික කටයුතුවලට විකිණු කාන්තාවක් කොටු

දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට විකිණීමේ සිද්ධිය: කාන්තාවක් අත්අඩංගුවට

by Staff writer 17-06-2021 | 7:39 PM

COLOMBO (News 1st) - 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කැස්බෑව, ජඹුරලිය, මඩපාත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාරිය අදාළ දැරිය ලිංගික සේවා සැපයීම සඳහා රැගෙන ගොස් ඇති බවය. අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. දැරිය අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විමර්ශනවලදී හෙළිව ඇත්තේ දැරිය මාස 4 කට ආසන්න කාලයක් දෛනිකව පුද්ගලයින්ට අලෙවි කර ඇති බවය. අදාළ දැරිය ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රඳවාගෙන මෙම ජාවාරම සිදු කර ඇත.