.webp)
මුහුදු ජීවීන් මෙලෙස හදිසියේ මිය යන්නේ ඇයි ?
පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,අපිට ප්රොවිෂන්ලි කියන්න පුළුවන් ආකාර 2 ක්. එකක් තමයි පිලිස්සීමෙන් මිය ගිහින් තියෙන්න පුළුවන් තාපය නිසා. දෙවනුව කියන්න පුළුවන් මේ රසායනික ද්‍රව්‍ය නිසා මියගිහින් තියෙන්න පුළුවන්. ඒක පැහැදිලිව පේන දෙයක්. ඊට අමතරව වෙනතක් හේතු තියෙන්න පුළුවන්. ඒවා තමයි මේ විමර්ශන පශ්චාත් පරීක්ෂණ පවත්වාගෙන යන්නේ.මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග මහත්මිය,
මැරුණු මත්ස්‍යයින් කට ඇරගෙන මැරිල තියෙන්නේ, ඒ කියන්නේ හුස්ම ගන්න අපහසුවීම නිසායි මැරිල තියෙන්නේ, එතකොට කවදාවත් වෙරළට ගහගෙන එන්නේ නැති මත්ස්‍යයනුත් ඉන්නවා මේ මැරුණු අය අතර. විශේෂයෙන් අර මොරේයිල් කියල කියන්නේ සාමාන්‍යයෙන් වෙරළේ දකින්නේ නැති මත්ස්‍යයෙක්. එතකොට මේ මත්ස්‍යයන්ගේ බඩ ඇතුළේ ප්ලාස්ටික් කැබලි තිබුණා. ඒ අයත් කටවල් ඇරගෙන මැරිල තිබුණා. එතකොට යම්කිසි අපහසුතාවකින් ඒගොල්ල මැරිලා තියෙන්නේ මේ ප්ලාස්ටික් කැබලි හින්දා. එතකොට අපි මේ ලබන තොරතුරු අනුව අපිට කියන්න වෙනවා මේ මත්ස්‍යයින්ට මේ බලපෑම වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි අධ්‍යනය දිගට කරන්න ඕන.