ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට අවසර නැහැ

ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට කළ ඉල්ලීමට අවසර නැහැ - NOCPCO

by Staff writer 17-06-2021 | 12:27 PM

COLOMBO (NEWS1ST) :  ඔන්ලයින් මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, කොවිඩ් -19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි. මේ අතර සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ මේ පිළිබඳව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අනුමැතිය ඉල්ලා ලිපියක් යොමු කළ බවයි. ඒ අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ඊට නොලැබුණු බව කපිල කුමාරසිංහ මහතා ද සඳහන් කළේ ය.