.webp)
බඩ පිරෙන්නට තමන් ආහාර ගෙන ජනතාවට පටි තද කර ගන්නැයි, උපදෙස් දෙන නායකයින් රටට අවශ්‍ය නොවන බව ත් ජන දුක දන්නා නායකයෙකු දැන් අවශ්‍යව ඇති බව ත් උන්වහන්සේ අවධාරණය කළහ.''ඔටුන්න තියෙන්නේ අපි ළඟයි. පළඳවන්න කෙනෙක් නේ අවශ්‍ය වෙන්නේ. ඒ පළඳන්න බලාපොරෙත්තු වෙන පුද්ගලයාගේ ගතිගුණ හොයන්නට ඕනෑ. ඔටුන්න තිබුණට මදි බලාපොරොත්තු තියෙන පුද්ගලයෙක් අපි හොයලා දැම්ම ගොඩාක් පරික්ෂණ පවත්වනවා. මේ රටේ ඉදිරි ගමනට කවුද හොඳ කියන එක අපි දැන් සාකච්ජා මාර්ගයෙන් අපි දැන් ගමන් කරන යුගයක් තමයි දැන් එළබිලා තිබෙන්නේ. මෙතෙන්දි අපිට එක එල්ලේ කියන්න බෑ අරයා හොදයි මෙයා හොඳයි කියලා අපි ප්‍රශ්න පත්‍රයක් දීලා හරි කමක් නෑ තොරා ගන්න අපි කල්පනා කරන්නේ''
තව ද මෙම අවස්ථාවේ පෙර මෙන් ජනතාව රැවටීමට හැකියාවක් නැතැයි, ද මුරුත්තෙට්ටුවේ හිමි වැඩිදුරටත් කියා සිටියහ.''අද නායකයෙක් මතු වෙන්නට ඕනේ ජනතාවගේ දුක දන්න තමන් බඩපිරෙන්න කාලා ජනතාවට පටි තද කරපල්ලා කියලා. කියන නයකයෝ පත්‍කලොත් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා ඒ නායකයන් ගැන අත්දැකීම් අපි අරගෙන කාලසීමාවක් තුළ හොයන්නට ඕනේ මං හිතනවා එක අමාරු බැරි දෙයක් ඒක නමුත් අපි දැන් එතෙන්ට මහන්සි වෙමින් පවතිනවා''
''සමහර විට අපි හොයලා පත් කළත් බලයට කෑදර අය ඉන්නවානේ බලයක් අතට ආවයින් පස්සේ තමන්ට මුල ඉදලම උදව් කරපු උදවියත් අමතක වෙනවා. මේ බල තන්නාහාවෙන් අමතක වෙනවා ඒ නිසා ඒ නිසා මේ වතාවේවත් ජනතාව ඉස්ර වාගේ රවට්ටන්න පුළුවන්කමක් නෑ..''