කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ...

by Sagarika Chathumali 17-06-2021 | 11:25 AM

COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (16) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,436 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 561 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 516 යි ⭕ කළුතර දිස්ත්‍රික්කය – 156 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 230,692 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 34,232 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 194,145 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය 15 වනදා සිදු වූ කොරෝනා මරණ 59 ක් පිළිබඳ තොරතුරු ඊයේ (16) තහවුරු කළේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මියගිය පිරිසෙන් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වූ අතර ඉතිරි 28 දෙනා කාන්තාවන් ය. තව ද මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් තරුණයෙකු ද විය. අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 20 දෙනෙකු ද අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 38 දෙනෙකු ද මියගිය පිරිස අතර විය.