CID හිටපු අධ්‍යක්ෂ ශානිට ඇප

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප

by Staff writer 16-06-2021 | 10:31 AM

COLOMBO (NEWS1ST) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇප මත මුදා මුදාහැරීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේ ය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් දෙදෙනා මුලින් රිමාන්ඩ් භාරයට පත් කළේ, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. නමුත් ඇප ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප විය. ඒ අනුව ඔවුන් දෙදෙනා ප්‍රතිශෝධන අයදුම්පත් දෙකක් වෙන වෙනම අභියාචනාධිකරණයට ගොනු කළහ. එම ප්‍රතිශෝධන අයදුම්පත් යළි කැඳවීමෙන් පසු ඇප මත මුදා මුදාහැරීමට තීරණය කළේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලයි.