COLOMBO (NEWS1ST) : ඊයේ (15) මෙරටින් වාර්තාවූ කොරෝනා මරණ 59 ක් අද (16) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මියගිය පිරිසෙන් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 28 දෙනා කාන්තාවන් ය.
තව ද මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් තරුණයෙක් ද සිටී.
අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 20 දෙනෙකු ද අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 38 දෙනෙකු ද මියගිය පිරිස අතර වෙති.
